පස් කන්දකට යටවී තිදෙනෙකු මරුට...

පෙබ 07, 2022

    වත්තේගම, මඩවල ප්‍රදේශයේදී පස් කන්දකට යටවී තිදෙනෙකු මරුට.

    අද (07) වත්තේගම, මඩවල ප්‍රදේශයේදී පුද්ගලයින් සිව් දෙනෙකු පස් කන්දකට යටවී ඇති බවට වත්තේගම පොලිසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිසිය සහ ප්‍රදේශවාසින් පස් කන්දකට යටවූ පුද්ගලයින් සිව් දෙනෙකු ගොඩගෙන කටුගස්තොට රෝහලට ඇතුලත් කර තිබේ. රෝහලට ඇතුලත්කරන විටත් තිදෙනෙකු මියගොස් ඇත. මරණකරුවන් පන්විල, පූජාපිටිය, කැටබුලාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, මොවුන් අලුතින් ඉදිවන නිවසක් අසල බැම්මක් ඉදිකිරීම සඳහා කානුවක් කපමින් සිටියදී ඊට ඉහලින් තිබූ පස් කන්ද කඩා වැටීමෙන් මෙම අනතුරට මුහුණපා ඇත.

    Latest News