නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදෙනෙක් යටවෙයි...මව මරුට 

ඔක් 15, 2022

    වරකාපොළ, මායින්ඔලුව-තුඹලියද්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. සුන්බුන් අතර සිරවූ තවත් එක් අයෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    පස් කන්ද ඊයේ සවස මෙම දෙමහල් නිවස මතට කඩා වැටී තිබිණ. ඒ අවස්ථාවේදී තිදෙනෙකු ඊට යට වී ඇති අතර පියා ඊයේ දි‍නයේදිම මුදා ගැණින. මියගොස් ඇත්තේ මවයි. මුදාගැණුනු පුද්ගලයාගේ පාදයේ අස්ථියක් බිඳී ඇති අතර වරකාපොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

    දැනට අතුරුදන්ව ඇත්තේ එම පවුලේ වැඩිමහල් පුත්‍රයායි.  යුද හමුදා නිලධාරීන්, පොලීසිය, ආපදා කළමනාකරණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව නිවස මතට වැටී ඇති පස්කන්ද ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරයි.

    නිවසේ සිටි වයස අවුරුදු 10ක් පමණ වන කුඩා පිරිමි දරුවා එම අවස්ථාවේ උපකාරක පංතියකට සහභාගි වී සිට ඇති බවයි, වාර් තා වන්නේ.

    රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාද ‍ඊයේ රාත්‍රියේ මෙම ස්ථානයට පැමිණි අතර ආපදාවට ලක්ව ඇති නිවැසියන්ට සහන සැලසීම පිළිබඳව සාකච්ඡා කෙරිණ. නාය යෑම සිදුවූ ප්‍රදේශය ආසන්නයේ ඇති නිවාස 6ක පුද්ගලයින් ඉවත් කිරීමට ද පියවර ගැනිණ. 

     

    Latest News