ඉන්දියා-ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය හමුව...

පෙබ 07, 2022

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (07) ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවුණා.

    ඒ, නවදිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී. හමුවේදී ද්විපාර්ශ්වික කරුණු රැසක් සාකච්ජා කෙරුණා. විදේශ අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියා.

    Latest News