දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අවදානම්

අප්‍රේ 05, 2023

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අවදානම පිළිබඳ නිකුත් කර තිබෙනවා .

    ඒ අනුව මහනුවර , නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පවසන්නේ.

    හෙට පස්වරු 5.00 දක්වා මෙම නිවේදනය බලාත්මකයි.

    Latest News