උපාධියක් හැදෑරීමට පොලී රහිත ශිෂ්‍ය ණයක්

පෙබ 07, 2022

    උපාධියක් හැදෑරීම සඳහා පොලී රහිත ශිෂ්‍ය ණයක් ලබාගැනීමට අයදුම්පත් බාරගන්නා අවසන් දිනය 2022 පෙබරවාරි මස 15 වැනි දිනෙන් අවසන් වන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

    ණය මුදලින් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයකින් අනුමත උපාධි පාඨමාලාවක් හැදෑරිය හැකියි. ණය යෝජනා ක්‍රමයේ අදියර කිහිපයක් මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙනවා. එහි 6 වන අදියර යටතේ 2018, 2019 හා 2020 වර්ෂවල අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අයදුම් කළ හැකියි. අයදුම්පත් යොමු කළ හැක්කේ, මාර්ගගත ක්‍රමයට පමණයි. අයදුම් කිරීම www.studentloans.mohe.gov.lk වෙබ් අඩවියෙන් සිදු කළ හැකියි. විස්තර සඳහා 070-3555970 සිට 979 දක්වා දුරකතන අංකවලට අමතා තොරතුරු ලබාගත හැකියි.

    Latest News