කැප්පෙටි ජනතාව ජල ගැටලුවක

ඔක් 25, 2023
    අඹේවෙල-රේන්දපොල මාර්ගයේ කළු පාලම අසළ සිදුවූ නායයාමක් හේතුවෙන් ප්රධාන පානීය ජල නලයකට හානි සිදුවී තිබෙනවා.

    මේ නිසා කැප්පෙටිපොල ප්රදේශයට ජලය සැපයීමේ ගැටලුවක් පැන නැගී ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ බණ්ඩාරවෙල ප්රාදේශීය කාර්යාලය පවසනවා.

    ජල සැපයුම යථාවත් කිරීමට දින කිහිපයක් ගත වන බැවින් ජලය අරපිරිමැස්වෙන් පරිහරණය කරන්නැයි, එම කාර්යාලය ප්රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News