පවුලක් අතුරුදන් කළ නායයෑම

නොවැ 13, 2023
    බලංගොඩ ගවරන්හේන වැහින්තැන්න ප්රකදේශයේ පස් කන්දක් නායයාමෙන් එකම පවුලේ සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. එම ප්රනදේශයට ඊයේ රාත්රීන බලපෑ වැසි සමග පස් කන්ද නායගොස් ඇති අතර, නිවාස තුනකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    එක් නිවසක සිටි මව, පියා සහ දියණියන් දෙදෙනා අතුරුදන් බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. කෙසේ වෙතත් ඔවුන් පස්කන්දට යටවී ඇද්ද, නැතිනම් නායයාම් සමග වෙනත් ස්ථානයකට ගොස් ඇද්ද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    නායයාමට ලක් වූ ප්රිදේශය අධික බෑවුම් සහිත වන අතර, තවත් නිවාස කිහිපයක පුද්ගලයන් එම ස්ථානයෙන් ඉවත් කිරීමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

    Latest News