බන්ධනාගාර රැඳවුවන්ට නත්තලට සහනයක්

දෙසැ 22, 2021

    මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාර රැඳවුවන්ට අමුත්තන් හමුවීමේ අවස්ථාව ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

    බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන්නේ, රැඳවුවකුගේ ඥාතියෙකු හෝ රැඳවුවා නම් කරන වෙනත් අයකු විසින් රැගෙන එනු ලබන බත් පාර්සලයක් මෙම මස 23 දින සිට 27 දින දක්වා (26 දින,ඉරිදා හැර) සිරකරුවන්ට ලබා දීමට ද අවසර හිමිවන බවයි.

    අදාළ රැඳවුවාට අවශ්‍ය අනෙකුත් ආහාර ද්‍රව්‍ය වන කිරිපිටි, සීනී, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය සරිලන ප්‍රමාණයක් රුපියල් 2,500/- මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ තැන්පත් කර (එක් වරක්පමණක්) පවතින නීති රීති හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව ලබා දීමට අවස්ථාව හිමිවෙයි.

    මෙයට අමතරව නත්තල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරයන් තුළ සිදු කරන ආගමික දේවමෙහෙයන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් චන්දන ඒකනායක මහතා පවසයි.

    Latest News