බන්ධනාගාර ආශ්‍රිත කොරොනා ආසාදිතයින් 2000 ඉක්මවයි

දෙසැ 06, 2020

    බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් ඇත.

    සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,051 දෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 91 දෙනෙක් සිටියි.

    කොරෝනා වෛරසය ආසාදනය වූ නිලධාරින් 38 දෙනෙක් සහ රැඳවියන් 562ක් මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ.

    බන්ධනාගාර තුළ පවතින තදබදය හේතුවෙන් මුදාහැරෙන සියලුම රැඳවියන් PCR පරික්ෂණයකට හෝ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක් කෙරෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    Latest News