අධිවේගයේ අනතුරකින් දෙදෙනෙක් මරුට

දෙසැ 22, 2021

    කොට්ටාව සිට මත්තල දෙසට දිවෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ පාරටුව සහ කපූදූව අතර අන්තර් හුවමාරුවේ සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අද (22) අලුයම මත්තල දෙසට ධාවනය වු ට්‍රක් රථයක් අපරික්ෂාකාරී ලෙස නතර කර ඇති අවස්ථාවක එම දෙසටම ධාවනය වු බවුසර් රථයක් එහි ගැටීමෙන් අනතුර සිදුව ඇත.

    අනතුරින් ට්‍රක් රථයේ ගමන් ගත් අවුරුදු 72ක කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් එම ස්ථානයේ දීම මියගොස් තිබේ.

    බවුසර් රථයේ රියදුරු වූ ගෝනවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක පුද්ගලයෙක් ද මාතර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

    බවුසර් රථයේ සහයකයා මේ වන විට බරපතළ තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පවසයි.

    Latest News