කෑගල්ල - කුරුණෑගල නායයෑමක්,දෙදෙනෙක් අතුරුදහන්

නොවැ 10, 2021

    කුරුණෑගල හා කෑගල්ල ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ පවසයි.

    කෑගල්ල, පුස්සැල්ල, දේවාලේගම ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මව පියා සහ පුතා පස් කන්දට යටවී මෙන් පියා සහ පුතා අතුරුදන්වී තිබේ. මව රෝහල්ගත කර ඇති බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

    එමෙන්ම කුරුණෑගල, දොඩම්ගස්ලන්ද කොරොස්ස ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇත. ඔවුන් අවුරුදු 65 සහ 70 වයස්වල පසුවන්නන්.

    පස්කන්දට යටවූවන් සෙවීමේ කටයුතු යුද හමුදාව සහ සහන කණ්ඩායම් එක්ව මේ වන විට සිදුකෙරේ.

    Last modified on බදාදා, 10 නොවැම්බර් 2021 10:45

    Latest News