කඩිගමුව දුම්රිය ස්ථානය අසළ නායායෑමක්

නොවැ 10, 2021

    අධික වර්ෂාවත් සමග කඩිගමුව දුම්රිය ස්ථානය අසළ නායායෑමක් සිදුවී ඇති අතර මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු රඹුක්කන සිට ඉහළට දුම්රිය ධාවනය වන සියලු දුම්රියයන් අවලංගු කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

    නාය යෑමෙන් දුම්රිය මාර්ගයේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති අතර දෙවන වේදිකාවේ කොටසක් ද නායයෑමට ලක්වී ඇත.

    මේ අතර පොල්ගහවෙල සහ පනලිය අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා ද දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.

    Latest News