වතුකරයේ සිසු - සිසුවියන්ට ෆයිසර් එන්නත

ඔක් 30, 2021

    කොටගල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන පාසල් 07ක මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනි සිටින අවුරුදු 16 වයස් කාණ්ඩයේ පසුවන සිසු සිසුවියන්ට ෆයිසර් එන්නත ලබාදිම අද (30) දින කොටගල දමිළ මහා ජාතික පාසලේදි සිදු කෙරේ.

    ඒ අනූව, ළමුන් 1500 දෙනෙකුට ෆයිසර් එන්නත ලබාදෙන බවයි, කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා කියා සිටියේ.

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින එම ප්‍රදේශයේ සිසු සිසුවියන් විශාල පිරිසක් එන්නත ලබා ගැනිම සඳහා එන්නත්කරන මධ්‍යස්ථාන වෙත පැමිණෙන බවයි,අප වාර්තාකරු පවසන්නේ.

    01 4

    01 2

    01 10

     

    Latest News