ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

ඔක් 30, 2021

    වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (29) දිනයේ නිකුත් කළ එම නිවේදනයට අනූව ජන ජීවිතයට අත්‍යවශ්‍ය අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණයි.

    ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා නිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන කරුණු ද සැළකිල්ලට ගෙන තිබේ.

    ඒ අනූව, එම සේවාවන්ට අදාළ රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, පළාත්පාලන ආයතන සහ රාජ්‍ය බැංකු ආදිය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති.

    Gazette notification01

    Gazette notification02

    Latest News