කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

ඔක් 30, 2021

    ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් ඊයේ (29) රාත්‍රී සිට අද (30) අලුයම තෙක් විවෘත කර ඉන් වාන් දොරටු දෙකක් මේ වන විට වසා දමා ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

    නුවරඑලිය, හාවාඑළිය, කඳපොල, ගල්පාලම ප්‍රදේශයේ පහත්බිම් සහ නිවාස රැසක්ද ජලයෙන් යට වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පවසයි.

    මෙම මාර්ගවල රථ වාහන ගමනා ගමනයට ද ඊයේ රාත්‍රියේ බාධා පැමිණ තිබුණි.

    ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු 3ක් විවෘත කර ඇති බවද නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසීය.

    Latest News