වාකරේ හොර අරක්කු තොගයක් මාට්ටු

පෙබ 18, 2019

    මඩකලපුව,වාකරේ පට්ටිපලයි, ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සිදු කළ මෙහෙයුමේ දී ගෝඩා මිලි ලීටර් විසිපන් දහසක්, නීති විරෝධී මත්පැන් ලීටර දහසක්, සී අරක්කු මිලි ලීටර 6,500ක් හා බියර් කෑන් තොගයක් සුරාබදු නිලධාරීන් බාරයට ගෙන තිබේ. මෙම ස්ථානයේ වැටලීම් සඳහා දින දෙකක කාලයක් විමර්ශනය කළ බවයි, සුරාබදු නිලධාරීන් පවසන්නේ.

    ඒ අනූව, දැඩි පරිශ්‍රමයකින් පසුව මෙම ස්ථානයට ළඟාවී තිබේ. සැකකරුවන් හා භාණ්ඩ තොගය අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    Latest News