බුත්තල මහාපරිමාණ කසිප්පු ජාවාරම එළියට

ජන 02, 2020

    බුත්තල, ජනාවාස 07 ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් (කසිප්පු ) ජාවාරමේ නියැළුණු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ සමග දගර,බැරල්,ගෑස් සිලින්ඩර්,ගෑස් ලිප් ඇතුළු උපකරණ රැසක් හා ගෝඩා තොගයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. අත්අඩංගුවට සැකකරු (30) එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

    සැකකරු නව වසර ඇතුළු උත්සව සමය වෙනුවෙන් මෙම කසිප්පු නිෂ්පාදනය කර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ. ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 07:40

    Latest News