ගිලන් රථයකින් මත්පැන් ප්‍රවාහන කළ රියදුරුට මාංචු

අප්‍රේ 14, 2020

    ගිලන් රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ රෝහල් සේවකයින් දෙදෙනෙක් පොළොන්නරුව, කාලිංග ඇළ ප්‍රදේශයේ දී අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොළොන්නරුව මහ රෝහලට අනුයුක්තව සේවය කළ අදාල ගිලන් රථ රියදුරෙකු හා එහි සිටි තවත් පුද්ගලයෙක්.

    අදාළ සැකකරුවන් තඹලවැව ප්‍රදේශයේ සිට කාලිංගඇළ ප්‍රදේ‍ශයට මේවා ප්‍රවාහනය කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මිලි ලීටර් 180 මත්පැන් බෝතල් 125ක් මෙහි තිබී හමුව තිබේ.

    සැකකරුවන් වයස අවුරුදු 44ක් වන කාලිංගඇල ප්‍රදේශයේම පදිංචිකරුවන් වෙයි. ‍ඔවුන් හෙට දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගිලන් රථයේ රියදුරු ලෙස සේවය කළ සැකකරුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගත් බව පො‍ළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 16:13

    Latest News