නිවෙස් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 14,200කට අධිකයි (විඩියෝ)

සැප් 04, 2021
  • කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නිවෙස් ගත ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව අද වන විට 14,200කට අධික බව කොවිඩ් රෝගීන් නිවෙස් ගත ප්‍රතිකාර ක්‍රමයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.

    මෙම සේවාව ලබා ගැනීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයා හරහා ලියාපදිංචි විය යුතුයි.  

    "පසුගිය ජුනි 6 වැනිදා සිට ක්‍රියාත්මක මෙම ක්‍රමය යටතේ රෝගීන් 52,368කට සාර්ථකව ප්‍රතිකාර කර තියෙනවා. මේ අතරින් රෝගීන් 607ක් පමණයි රෝහල් ගතකර තියෙන්නෙ. 37,448ක් ප්‍රතිකාර සාර්ථකව අවසන් කර මෙම පද්ධ මුදා හැර තියෙනවා.

    අද දින තුළත් රෝගීන් 14,221 ප්‍රතිකාර ලබමින් ඉන්නවා. මෙම සේවාව ලබා ගැනීමට ප්‍රදේශයේ MOH හරහා ලියාපදිංචි විය යුතුයි.සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ සඳහා නවතම ක්‍රමවේදයන් ඔස්සේ පද්ධතියට රෝගීන් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

    කෑගල්ල, පොලොන්නරුව, මන්නාරම යන දිස්ත්‍රික්කවලින් රෝගීන් තාම ඇතුළත් වී නැහැ. සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කර ගැනීමෙන් රෝගය පැතිරීම වළක්වා ගන්න."

    Last modified on සෙනසුරාදා, 04 සැප්තැම්බර් 2021 16:47

    Latest News