ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා විවෘතයි

සැප් 04, 2021

    නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ දී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හෙට (05) හා අනිද්දා (06) දිනයන්හි ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා විවෘතව තැබීමට විෂය භාර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

    ගොවීන් විසින් එළවළු හා පළතුරු ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරනු ලබන පුද්ගලයින්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධීකරණය කර අවසර පත්‍ර ලබා දීමට සිදුකෙරේ.

    එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ලබන සඳුදා සිට විශේෂ සහය මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් ය සරත්න මහතා පවසයි.

    Latest News