අද සිට සීනි හා සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

සැප් 02, 2021

    සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කෙරේ. එය අද සිට ක්‍රියාත්මකයි.

    මාස 2 කට ප්‍රමාණවත් සීනි තොග මේ වන විට රටතුල පවතින බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි. එමෙන්ම ප්‍රමාණවත් සහල් තොග ද පවති. ගබඩාවල සගවා තිබි සොයාගත් සීනි තොග සතොස හා සමුපාකාර මගින් පාරිභෝගිකයන්ට සපයන බව රාජ්‍ය ඇමතිවරයා කියයි. සතොස සිනි කිලෝවක් රුපියල් 130 කට අලෙවි කරයි.

    සීනි සගවා ඇති තොග ගබඩා සොයා අඛණ්ඩව විමර්ශන සිදුකෙරේ. රට තුළ කිසිදු ආහාර හිගයක් නැතැයි රජය අවධාරණය කරයි. රට තුළ සහල් සහ සීනී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක් පවතින බවට පැතිර යන ප්‍රචාර රජය තරයේ ප්‍රතික්ෂේප කරයි. ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර තොග රජය සතුව පවති.

    Latest News