මුද්‍රා තැබූ කුණ්ඩසාලේ ගබඩාවේ සීනි සමූපකාරයට

සැප් 05, 2021

    පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොවී තොග රැස්කර තබා ගැනීම හේතුවෙන් පසුගියදා මුද්‍රා තැබුණු මහනුවර, කුණ්ඩසාලේ තොග ගබඩාවේ සීනි තොග සමූපකාරයට ඊයේ බාරදෙනු ලැබීය.

    ඒ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන්.

    තොග සැගවීම වැළැක්වීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය දිවයිනේ සියලු තොග ගබඩා ලියාපදිංචි කරන ලෙස දැනුම් දී තිබිණ. එලෙස ලියාපදිංචි නොකිරීම හේතුවෙනුයි, මෙම තොග ගබඩාව මුද්‍රා තැබුණේ.

    සමූපකාර සහ කොප්සිටි වෙළෙඳ මධ්‍යස්ථාන වෙතින් ද ඒවා සහන මිලට පාරිභෝගිකයන් වෙත ලබාදීමට නියමිතයි. 

    Latest News