සතොසට නිකුත්කළ සහල් දැන් සුපිරි වෙළෙදසැල් වෙතත්

මැයි 02, 2022

    මෙතෙක් ලංකා සතොස වෙත පමණක් නිකුත් කළ ආනයනික සහල් තොග සියලු සුපිරි වෙළෙදසැල් වෙත ද ලබාදීමට තීරණය කර තිබේ.

    වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හා සුපිරි වෙළෙදසැල් ජාලයේ නියෝජිතයන් හා අතර පැවති සාකච්ජාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.

    ඒ අනූව එහිදී, එක් පාරිභෝගිකයෙක්ට මිලදි ගත හැක්කේ කිලෝ ග්‍රෑම් 5ක ප්‍රමාණයක් පමණයි.

    නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 145කටත්, සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 175කටත් යන උපරිම සිල්ලර මිල යටතේ ලබා ගැනීමට හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

    Latest News