පළමු වරට ඊයේ කොරෝනා මරණ 200යේ සීමාව ඉක්මවයි

අගෝ 27, 2021

    මෙරටින් තවත් කොරෝනා මරණ 209ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,157ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙම මරණ අතරින් 108 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 101 දෙනා කාන්තාවන්ය.

    මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 46 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 163 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන්ය.

    අද (26) වාර්තා කරන ලද මෙම මරණ 209 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

    2a371816 ප් රවෘත්ති නිවේදනය 870 page 001

    Last modified on සිකුරාදා, 27 අගෝස්තු 2021 09:55

    Latest News