තවත් කොරෝනා මරණ 29ක්..ආසාදිතයින් 2289ක්

මැයි 15, 2021

    ඊයේ දිනයේ දී තවත් කොරෝනා ආසාදිත මරණ 29ක් වාර්තා වී තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ ඒ අනූව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 921ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2289 දෙනෙකු ඊයේ හඳුනා ගෙන තිබේ. ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 2,289 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.

    ඊයේ දේශීයව ආසාදිතයන් 2,269 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි 20 දෙනෙක් පසුව කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

    මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 138,085 ක්. ඉන් 110,108 ක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 27,056ක් වෙයි.

    Latest News