ඊයේ මෙරට ආසාදිතයින් 4,500 ඉක්මවයි

අගෝ 27, 2021

    ඊයේ (26) දිනයේ නැවතත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,500 සීමාව ඉක්මවා ගියේය.

    ඒ අනූව ඊයේ දිනයේ ආසාදිතයන් 4,602 ක් මෙරටින් වාර්තා විය.

    දේශීයව කොරෝනා ආසාදිතයන් 4,597 ක් හඳුනාගත් අතර විදේශ රටවල සිට පැමිණි ආසාදිතයන් 05 දෙනෙකු ඒ අතර වෙයි. ඒ අනූව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 412,370 ක්.

    ඒ අතරින් 351,069 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 53,353ක් වෙයි.

    පසුගිය 25 වැනි දිනයේ තවත් කොරෝනා මරණ 209 ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,157 දක්වා ඉහළ ගියේය.

    Latest News