මරදාන අනතුරට ලක්වූ ජීප් රථයේ ගංජා මතුවෙයි

පෙබ 14, 2019

    මරදාන, ගුවන් පාලමේ ගැටී අනතුරට ලක්වූ ජීප් රථය පරීක්ෂා කිරීමේ දී කේරළ ගංජා කිලෝ 68ක් තිබී සොයාගෙන තිබේ. අනතුර සිදුව ඇත්තේ අද උදෑසන 3.00ට පමණ.

    ජීප් රථය පරීක්ෂා කිරීමට යාමේ දී එහි සිටි පුද්ගලයින් කිහිප දෙනෙක් පළාගොස් තිබේ. ඉන් අනතුරුව රථය පරීක්ෂා කළ නිළධාරීන්ට මෙම ගංජා තොගය සොයා ගැනීමට හැකිවූ බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. ජීප් රථය හා කේරළ ගංජා තොගය පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 14 පෙබරවාරි 2019 14:54

    Latest News