යාපනය මුහුදෙන් කිලෝ 281ක ගංජා හමුවෙයි

මාර් 03, 2020

    යාපනය, නගර්කොවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ මුහුදේ පාවෙමින් තිබූ තෙත සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 281 කට ආසන්න ප්‍රමාණයක් හමුව තිබේ. නාවික හමුදාව කළ මුර සංචාරයක දී මේවා සොයා ගැනිණ.

    කේරළ ගංජා ප්‍රමාණය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.

    ජාවාරම්කරුවන් විසින් මහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සදහා සිදුකරන සැළසුම් ව්‍යාර්ථ කිරීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදු කිරීම හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය අතහැර යන්නට ඇතැයි නාවික හමුදාව පවසයි.

     

     

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 07:44

    Latest News