ගස් 720ක ගංජා හේනක් වටලයි

ඔක් 03, 2020

    මොනරාගල, දික්කන්ද යාය ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී අඩි හැටකට වඩා උස ගල්තලාවක් මත සූක්ෂමව වගා කර තිබූ ගංජා වගාවක් වටලා එක් සැකකරුවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු විසින් එම ගල් තලාව මත පැකට් සදා එම පැකට් වල මෙම ගංජා පැල සිටුවා ඇති අතර එලෙස වගා කර තිබූ ගංජා ගස් 720ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

    ඔහු තෙනගල්ලන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

    ගංජා ගස් සියල්ලක්ම පොලිසිය විසින් ගිනිතබා විනාශ කර තිබේ. ඔහු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News