කන්කසන්තුරේ - ගාල්ල වරායේ සැබෑ වෙනසක්

පෙබ 14, 2019

    කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙසින් වැඩි දියුණු  කිරීම මඟින්, ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ප්‍රයන්තයට ලැබෙන  පිටිවහල සහ එය වාණිජ වරායක් ලෙස වැඩි දියුණු කිරීම මඟින් උතුරු ප්‍රදේශයේ වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනයට ලබා ගත හැකි දායකත්වය කෙරෙහි රජය අවධානය යොමු කර ඇත.

    ඒ අනුව එම වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම, යටිතල පහසුකම් හා අනෙකුත් උපයෝගීතා පහසුකම් සැලසීම පිණිස රජය සැලසුම් සකස් කර ඇත.

    මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට සාපේක්ෂව ආගමික හා සාමාජීය සංවර්ධනයක් ඇති කර ගැනීම සඳහා එම ප්‍රදේශයේ පිහිටා ඇතිකර ගැනීම සඳහා එම ප්‍රදේශයේ ඇති අයියනාර් කෝවිල ප්‍රතිසංස්කරණයට ද රජය කටයුතු කර ඇත.

    ඒ අනුව අදාළ කටයුතු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්තාපනය, උතුරු පළාත් සංවර්ධනය, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා  යෞවන කටයුතු ඇමතිතුමා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමැතිය හිමිව තිබේ.

    මේ අතර, ගාල්ල වරාය ආශ්‍රිතව ඉදිරියේදී සංචාරක වරායක් ලෙස වැඩි දියුණු කිරීමට අවශ්‍ය වන වරාය පහසුකම් වැඩි දියුණු කිරිම හා වරායේ ඉදිකිරීම් ක්‍ර‍මවත් කිරිමට අවශ්‍ය අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා  උප⁣දෙස් ලබා දී තිබේ.

    සංචාරකයන් වැඩි අවධානයක් දිනා ගෙන ඇති ගාල්ල පුරවරය කේන්ද්‍ර‍කර ගෙන මෙම වරාය දියුණු කිරීම තුලින් රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ඇති කිරීමට සහ ලාභ ලබන වරායක් බවට පත්කිරීමේ හැකියාවද ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. 

    මෙහිදී අමාත්‍යවරයා නිළධාරීන්ට පෙන්වා දුන්නේ “වසර දෙසීයකට වඩා ඉතිහාසයක් ඇති මේ වරායේ අලංකාරයට කිසිදු හානියක් නොවන සේ සංවර්ධන කටයුතු සිදුවිය යුතු බවයි”.  තවද  වරාය සේවකයන් හමුවී අදහස් හුවමාරු කර ගැනීමද සිදු කරන ලදි.

    මෙම නිරික්ෂණ චාරිකාව සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ,එක්සත් ජාතික පක්ෂයේ හබරාදුව ආසනයේ ප්‍රධාන සංවිධායක නිතිඥ තාරක නානායක්කාර යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය, වරාය අධිකාරියේ නිළධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් රැසක් සහභාගි විය.

    Latest News