පළාත් 4කට හෙට සහ අනිද්දා තද වැසි

අගෝ 20, 2021

    හෙට (21) සහ අනිද්දා (22) දිනවලදී උතුර, උතුර මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ තැනින් තැන වැසි හෝ ගිඟුරුම් වැසි ඇති විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාව පවතියි.

     

    Latest News