ත්‍රීරෝද රථයක ගැටී දෙදරු පියා මරුට

අගෝ 20, 2021

    අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටි දෙදරු පියා ජිවිතක්ෂ, රියදුරු පලාගොස් පොලිසියට භාරවෙයි.  

    කොටගල සිට හැටන් නගරය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටී දෙදරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පවසයි. අනතුරෙන් මියගොස් ඇත්තේ හැටන්, කුඩාගම ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ් විජේවිරන් නැමති 42 හැවිරිදි දෙදරු පියෙකි. 

    අනතුර සිදුව ඇත්තේ, ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදී. 

    මරණකරු තම නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනිම සඳහා අනතුර සිදු වූ ස්ථානයේ පිහිටි වෙළදසැලට යාමට මාර්ගය හරහා මාරු විමේදී මෙම ත්‍රීරෝද රථයේ ගැටි අඩි කිහිපයක් ඉදිරියට විසිවී තිබේ.

    ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුව කොටගල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි, හැටන් පොලිසිය පවසන්නේ. අනතුර සිදු විමත් සමග ත්‍රීරෝද රථයේ රියදුරා පලාගොස් හැටන් පොලිසියට භාරවී තිබේ.

    ත්‍රීරෝද රථයේ අධික වේගය අනතුරට හේතුව වී ඇති බවත්, අනතුරෙන් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදුව ඇත. අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථයේ රියදුරා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

    Latest News