තවත් කොවිඩ් මරණ 98ක්

අගෝ 07, 2021

    තවත් කොවිඩ් මරණ 98ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනූව, මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,919ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ඒ් අතර, කාන්තාවන් 44 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 54 දෙනෙකුද සිටියි. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 70 දෙනෙකු සිටි බවයි, වාර්තා වන්නේ.

    ඊයේ (06) දිනයේ බස්නාහිර පළාතෙන් පමණක් 'කොවිඩ් -19' ආසාදිතයින් 1,273 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    මෙරටින් නව ආසාදිතයින් 2,794 දෙනෙකු හඳුනාගත් අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 548 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 369 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 356 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ.

    එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයෙන් 224 දෙනෙකු, යාපනය දිස්ත්‍රික්කයෙන් 174 දෙනෙකු, අම්පාර දිස්ත්‍රික්කයෙන් 135 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 129 දෙනෙකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් 114 දෙනෙකු සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 107 දෙනෙකු ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක 10ක දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ සියය ඉක්මවා ගොස් ඇත.

    Last modified on සෙනසුරාදා, 07 අගෝස්තු 2021 11:47

    Latest News