මෙරටින් තවත් කොවිඩ් මරණ 56ක්

ජූලි 31, 2021

    මෙරට තවත් කොවිඩ් මරණ 56ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) දින තහවුරු කර තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ ඒ අනූව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,380ක් දක්වා ඉහළ ගොස් ඇත. එම කොවිඩ් මරණ 56න් 18 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 38දෙනා පිරිමි පුද්ගලයින් වන බවයි.

    මියගිය පුද්ගලයින්ගෙන් 15 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති. සෙසු පුද්ගලයින් 41දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අය වෙයි.

    Last modified on සෙනසුරාදා, 31 ජූලි 2021 09:00

    Latest News