එන්නත් ලබාගෙන භාවිතයට නොගත් රටවල් ගැන අවධානය

අගෝ 07, 2021

    කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගෙන ඒවා භාවිතයට නොගන්නා රටවල් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය අවධානය යොමු කර තිබේ.

    එහි ප්‍රකාශක ස්ටෙෆන් දුජාරි සඳහන් කළේ, පරිපාලන හේතු නිසා අවදානයක් නොමැතිකම හෝ එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම ආදී හේතු මත විවිධ රටවල් ලබාගත් එන්නත් භාවිතයට නොගන්නා තත්වයක් වාර්තා වී ඇති බවයි.

    ක්වැක්ස් පහසුකම යටතේ රටවල් 138කට එන්නත් මාත්‍රා මිලියන 186.2ක් බෙදාහැර ඇති අතර අඩු සහ මැදි ආදායම් ලබන රටවලට මෙම වසර අවසානය වන විට එන්නත් මාත්‍රා බිලියන දෙකක් ලබාදීමට අපේක්ෂිත බවයි ඔහු සඳහන් කළේ.

    Last modified on සෙනසුරාදා, 07 අගෝස්තු 2021 11:05

    Latest News