මේ දක්වා එන්නත් මාත්‍රා 84 ලක්ෂ 39,469ක් ජනතාවට

ජූලි 24, 2021

    කොව්ඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා අසූ හතර ලක්ෂ 39,469ක් ජනතාවට ලබා දී තිබේ.

    එන්නත්කරණය දිවයින පුරා අඛණ්ඩව අදත් ක්‍රියාත්මකයි.

    මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 97,121 දෙනෙකුට ලබාදී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස 40,110 දෙනෙකුට සහ එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිසට 10,083 දෙනෙකු ඇතුළත්.

    ෆයිසර් එන්නත ඊයේ ලබාගත් පිරිස 13,308ක්.
    ඉදිරි දින 7 තුළ එන්නත් මාත්‍රා දහ තුන් ලක්ෂ 4465ක් ලබා දී තිබේ. ඊයේ ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව එක් ලක්ෂ 60,622ක්.

    මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීම අද ආරම්භ කෙරිණ. හිඟුරක්ගොඩ අධ්‍යාපන කාර්යාලය මගින් පාලනය වන පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 1200 දෙනෙකුට එන්නත් ලබාදීම තාරුකා මණ්ඩපයේ දී සිදු කෙරේ. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුරුකෝරළ මහතා ද එය නිරීක්ෂණයට එක්ව සිටියේය.

    Last modified on සෙනසුරාදා, 24 ජූලි 2021 11:14

    Latest News