කොවිඩ් එන්නත්කරණය 2වැනි දිනටත් දිවයින පුරා

ජන 30, 2021

    ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලදී එන්නත්කරණ වැඩසටහන අද දිනයේ ක්‍රියාත්මක වනු ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහචතා සඳහන් කළේ.

    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ඊයේ දිනය තුළ පුද්ගලයින් 5,286 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    ඒ අනුව අයි ඩී එච් රෝහලේදී 80 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබා දී තිබේ.

    කොළඹ ජාතික රෝහලේදී 1,886 දෙනෙකුට,කොළඹ උතුර ශික්ෂණ රෝහලේදී 803 දෙනෙකුටත්, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී 781 දෙනෙකුටත්, යුද හමුදා රෝහලේදී 600 දෙනෙකුටත් එම එන්නත ලබාදීම ඊයේ සිදු කෙරිණ.

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ 382 දෙනෙකුටත්, හෝමාගම මූලික රෝහලේ 190 දෙනෙකුට සහ මුල්ලේරියාව මූලික රෝහලේ 108 දෙනෙකුට ද පනාගොඩ යුද හමුදා කඳවුරේ 400 දෙනෙකුටත් එන්නත ලබාදීම සිදුකෙරිණ.

    Latest News