අනවසර ඉඩම් ගොඩකිරීම වැළැක්වීමට නව නීති

අගෝ 03, 2021

    අනවසර ඉඩම් ගොඩකිරීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වා දී තිබේ.

    ඒ් අනූව, වැරදිකරු වන පුද්ගලයෙකුට වසරකට නොඅඩු සහ දෙවසරකට නොවැඩි සිර දඩුවමක් ලබාදිය හැකි බවයි ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව පවසන්නේ. එහි සභාපති මේජර් ජෙනරාල් ආර්.එම්.ඩබ්ලිව්.ඩී.සොයිසා මහතා කියා සිටියේ කොළඹ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී.

    සිරදඩුවමට අමතරව මුදලින් රුපියල් ලක්ෂයේ සහ ලක්ෂ 5 දක්වා දඩ මුදල් නියම කිරීමේ බලය ද අධිකරණය සතුය.
    ඊට අදාළ නව පනත පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එවැනි සිද්ධීන් සොයා බැලීමට නව ඒ්කකයක් ද පිහිටුවා තිබේ.

    ඊට පැමිණිලි 28ක් දැනටමත් ලැබී ඇතැයි, ද ඔහු කියා සිටියේය.

    Latest News