පරිපාලන නිලධාරීන් 200ක් රාජ්‍ය සේවයට

අගෝ 03, 2021

    පරිපාලන නිලධාරීන් 200 දෙනෙකු රාජ්‍ය සේවයට බඳවා ගෙන තිබේ.

    ඔවුන්ට පත්වීම් ප්‍රදානය ඊයේ සිදු කෙරුණේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණේ, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී.

    කොවිඩ් වසංගතය හේතුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ,ගාල්ල,මහනුවර සහ අනුරාධපුර යන ස්ථානවල දී සිදු කෙරුණේ, සූම් තාක්ෂණ ජාල ගත ක්‍රමයටයි.

    මෙසේ බඳවා ගැනුණේ 2018 වසරේ පැවති පරිපාලන සේවා විවෘත තරඟ විභාගයෙන් තෝරා ගන්නා ලද නවක පරිපාලන නිලධාරීන් පිරිසක්.

    ඔවුන් වසරක පුහුණුවකින් පසු දිවයිනේ විවිධ පළාත්වල රාජකාරී සඳහා අනුයුක්ත කිරීමට නියමිතයි.

    Latest News