එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිළිබද විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ අවස්ථාවේ යෝජනාවක් ඇතුළු විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනා දෙකක්ද අද විවාදයට ගැනීමට නියමිතයි.
ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනා දෙකක්ද මෙම සතියේ විවාදයට ගැනේ.
මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම අද සිට ලබන 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන පරිපූරක ඇස්තමේන්තුව පිළිබද යෝජනාව ලබන 5 වැනිදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද අද පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.