මියගිය ඉෂලනි දැරිය බිත්තියේ ලියූ වැකියක් ගැන පරීක්ෂණයක්

අගෝ 03, 2021

    රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී සිරුරට ගිනි ඇවිලී මිය ගිය බව කියන 16 හැවිරිදි දැරිය නවාතැන් ගෙන සිටි කුඩා කාමරයේ බිත්තියේ ලියා ඇති (එන් සාවුක්කු කාරනම්) බව කියන " මගේ මරණයට හේතුව " යන වැකිය සම්බන්ධයෙන් ඊයේ( 2 ) එම නිවසට ගිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවට ලක් කළ බව පොලිසිය පවසයි.

    එම වැකිය දෙමළ අදහසින් ඉංග්‍රීසියෙන් ලියා තිබූ බවයි, පොලිසිය පවසන්නේ.

    පෑනකින් එම ලියා තිබූ බව කියන එම වැකිය දැරිය විසින් ලියු එකක්ද,? එසේත් නොමැති නම් දැරිය පිළිස්සී මියයාමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු නොමග යැවීම සඳහා සිදු කළ ක්‍රියාවක් ද ? යන්න තහවුරු කරගැනීම සඳහා රජයේ රස පරික්ෂක නිළධාරින් එම ස්ථානයට කැඳවූ අතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද ඊට සහාය විය.

    ඉකුත් මස තුන්වැනි දින රිෂාඩ් බදුර්දින් මන්ත්‍රීවරයාගේ නිවසේදී ගිනි ඇවිලී මෙන් පසු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද නුවරඑළිය ඩයගම තුන්වන කොටසේ පදිංචි ව සිටි ජූඩ් කුමාර් ඉෂලනි දැරිය දින 12කට පමණ පසු මියයාම සම්බන්ධයෙන් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙක් මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර ඇති අතර හතළිහකට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

    මියගිය දැරිය දෙමව්පියන් සමඟ මීට වසර ගණනකට ඉහත දී අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ නිවසකට කුලී පදනම මත පුඩළුඔය ප්‍රදේශයේ සිට පදිංචියට පැමිණ ඇති අතර 2017 වසරේ අග භාගය දක්වා පුවක්පිටියේ නිවසේ පදිංචිව සිට අනතුරුව ඩයගම නිවස වෙත ගොස් තිබූ බවට පොලිස් පරීක්ෂණ වලදී පරීක්ෂණවලදී අනාවරණය විය.

    පුවක්පිටිය කුලි නිවස ඇයගේ දෙමව්පියන්ට සොයාදුන් බ්‍රෝකර්වරයාගෙන් ද ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය පවසයි.

    2020 වසරේ නොවැම්බර් 18 වැනි දින දැරිය මෙහෙකාර සේවය සඳහා රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ තිබිණ.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ දකුණු කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි. එම්.ඉනෝකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සහ කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මගින් පරීක්ෂණ පවත්වයි.

    Latest News