එන්නත්කරණ තවදුරටත් පුළුල් කිරීමට ජෝ බයිඩන් සූදානම්

ජූලි 28, 2021

    රටේ ජනතාව කොරෝනා මර්දන එන්නත් ලබා සිටිය ද ගෘහස්ත ස්ථානවල දී මුව ආවරණ පැළදිය යුතු බව අමෙරිකා රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

    එරට ඉහළ කොරෝනා අවදානමක් සහිත ප්‍රදේශවල එය කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවයි, එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොෂෙල් වැලෙන්ස්කි ප්‍රකාශ කළේ.

    එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. එරට ජනගහනයෙන් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාගෙන ඇත්තේ,ඉතා සුළු පිරිසක් පමණයි. ඩෙල්ටා වැනි ප්‍රභේද රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට එය හේතු වී තිබේ. ඊයේ එරටින් කොරෝනා ආසාදිතයන් 61,581 දෙනෙකු හඳුනා ගැනිණ.

    සිදුවූ නව කොරෝනා මරණ සංඛ්‍යාව 339ක්. අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ අගයකට පත්වන බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

    Last modified on බදාදා, 28 ජූලි 2021 11:13

    Latest News