ඊයේ මෙරටින් ආසාදිතයින් 1,711ක්

ජූලි 28, 2021

    මෙරට සිදුවූ තවත් 'කොවිඩ්-19' මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,195ක් දක්වා ඉහළගොස් ඇත. කාන්තාවන් 20 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 28 දෙනෙකු මෙම තහවුරු කළ මරණ අතරට අයත්ය.

    ඊයේ (27) දිනයේ දී 'කොවිඩ්-19' ආසාදිතයන් සංඛ්‍යාව 1500 සීමාව ඉක්මවා ගියේය.ඒ අනූව ඊයේ දිනයේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 1,711 ක්. දේශීයව කොරෝනා ආසාදිතයන් 1,688 ක් හඳුනාගත් අතර විදේශ රටවල සිට පැමිණි ආසාදිතයන් 23 දෙනෙකු පසුව හඳුනා ගැනිණ.

    ඒ අනූව දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 299,892 ක්. ඒ අතරින් 270,356 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 25,389 ක් වෙයි.

    පසුගිය 26 වැනිදා තවත් කොරෝනා මරණ 48ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,195 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News