100 වැනි ඔසු උයන පිල්ලෑව විහාරස්ථානයේ දී

ජූලි 24, 2021

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ යෝජනාවක් පරිදි දිවයින පුරා ආගමික ස්ථාන ආශ්‍රිතව “ඔසු වන දහසක්” පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ 100 වැනි ඔසු වනය සැකසීමේ කටයුතු බොරලැස්ගමුව, පිල්ළෑව විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    මෙම “ඔසු වන දහස” වැඩසටහන යටතේ එක් ආගමික ස්ථානයකට දේශීය ඖෂධීය වටිනාකමකින් යුත් පැළ වර්ග 24ක කට්ටලයක් බැගින් ලබා දී ඒවා රෝපණය කරනු ලබයි. එමෙන්ම එම පැළ නඩත්තු කිරීම එකී ආගමික ස්ථානය භාරව කටයුතු කරන දායක මණ්ඩලයට හෝ භාරකාරයින්ට පැවරේ.

    මෙම වැඩසටහනේ 100 වැනි ඔසු වනය සැකසීමේ කටයුතු පසුගියදා පිල්ලෑව විහාරස්ථානයේ දී ආරම්භ විය.

    එහිදී අමාත්‍යවරයා විසින් දුර්ලභ ඖෂධීය ශාඛයක් වන යකිනාරං පැළයක් රෝපණය කරමින් ඔසුවනය සැකසීමේ කටයුතු ආරම්භ කළේය.

    එමෙන්ම තවත් ඖෂධීය පැළ කට්ටලයක් අමාත්‍යවරයා විසින් එම විහාරස්ථානය බාර ස්වාමින්වහන්සේලා වන පූජ්‍ය පොළොන්නරුවේ සීලානන්ද හිමි, හා පූජ්‍ය ගෝනාපීනුවල චන්ද්‍රරතන හිමිවරුන්ට බාර දෙනු ලැබීය.

    Latest News