පාරිභෝගික ආරක්ෂක පනතේ වගන්ති 75ක් සංශෝධනයට...

ජූලි 24, 2021

    පාරිභෝගික ආරක්ෂක පනතේ වගන්ති 75ක් කඩිනමින් සංශෝධනය කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    පාරිභෝගික ජනතාවට සහන සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි. වැඩි මිලට භාණ්ඩ විකිණීම වෙනුවෙන් මෙතෙක් තිබූ රුපියල් 2500ක දඩමුදල නව සංශෝධනය යටතේ රුපියල් ලක්ෂය දක්වා ඉහළ දමන බවයි ඊයේ පැවති උත්සවයක දී අමාත්‍යවරයා කියා සිටියේ.

    මේ අතර, තවත් කියු ෂොප් අළෙවිසලක් මත්තෙගොඩ දී ඊයේ විවෘත කෙරිණ. ඒ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන්. සහන මිලට භාණ්ඩ අළෙවි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කියු ෂොප් වෙළෙඳ ජාලය යටතේ ඉදි කෙරුණු 5 වැනි වෙළෙදසැල මෙයයි.

    Last modified on සෙනසුරාදා, 24 ජූලි 2021 11:40

    Latest News