ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන ලබන සතියේ තීරණයක්

ජූලි 13, 2021

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳ විවිධ ඉල්ලීම් මේ වනවිට ලැබෙමින් පවතින අතර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ අද පවත්වන සාකච්ඡාවකින් අනතුරුව දෙමාපියන්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුවරුන්ට සහ සෑම පාර්ශ්වකරුවකුටම සාධාරණයක් වන පරිදි තීන්දුවක් ලබන සතියේ අඟහරුවාදා තමන් විසින් ප්‍රකාශයට පත් කෙරෙන බව ධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ අද (13) කොළඹ නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.

    එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනය මඟින් මෙරට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වන අධ්‍යාපනික රූපවාහිනී නාලිකා 16ක් ආරම්භ කිරීම ද නියමිත ය. එම නාලිකා සඳහා දිවයිනේ ජනප්‍රියතම සහ දක්ෂතම ගුරුවරුන් සම්බන්ධ කරගැනීමට ‍අපේක්ෂිතය.

    එම ගුරුවරුන්ගේ සේවය එක පාසලකට සීමා නොකර සමස්ත දිවයිනේම දූ දරුවන් වෙත ලබාදීමට වැඩසටහන් සකස් කෙරෙමින් පවතින බවත් මේ වනවිට ඒවායෙහි අන්තර්ගතය සැකසීමේ ක්‍රියාදාමය සිදුවෙමින් පවතින අතර ගුරුගෙදර වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙයි.

    රට තුළ වසංගත තත්ත්වයක් පවතිද්දී සහ කැබිනට් පත්‍රිකාවක් සැකසීමට අදාළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබිය දී පවා දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගුරු වැටුප් විෂමතා සම්බන්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීම කිසිසේත්ම යෝග්‍ය තීරණයක් ලෙස සැලකිය නොහැකි ය.

    මේ තුළින් අසරණ භාවයට පත්වන්නේ මේ රටේ අහිංසක දරු පරපුර බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    Latest News