icc

මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති හා හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 20ක් ඇතුලත් රුපියල් 5000 ක් වටිනා සහන මල්ලක් ලබා දීමට සතොස ආයතනය විසින් කටයුතු සලසා තිබේ.

තවත් ග්‍රාම නිලධාරී වසම් 9ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය සංශෝධනය කර තිබේ.

මාතලේ, කුරුණෑගල හා මොණරාගල දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ හා ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කෙරේ.

කොවිඩ්19 හේතුවෙන් පොලිස් බල ප්‍රදේශ 05ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කුරුණෑගල,ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබේ.

බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ.

Latest News