රු.මිලියන 29ක කේරළ ගංජා උතුරු මුහුදෙන් අත්අඩංගුවට

ජූලි 06, 2021

    යාපනය, කෝවිලම් ප්‍රදේශයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 98යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    ගෝනි 04ක අසුරන ලද මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී ජාවාරම්කරුවන් විසින් ඩිංගි යාත්‍රාව වෙත ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සාහකරන්නට ඇතැයි සැක කෙරේ.

    ඒවායේ වටිනාකම රුපියල් මිලියන 29 කට අධිකයි. සැකකරුවන් කිරන්චි, පේසාලේ සහ පුනරීන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

    සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත භාර දීමට නියමිතයි

    Latest News