තවත් බැදුම්කර නඩුවක් 20 වැනිදා විභාගයට

ජූලි 06, 2021

    2016 වසරේ මාර්තු මස සිදුවූ බැදුම්කර වෙන්දේසියක දී රජයට රුපියල් බිලියන 15 ක මුදලක් සාවද්‍ය පරිහරණය සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවක් යළි විභාගය සඳහා මේ මස 20 වැනිදා කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දින නියම කර තිබේ.

    කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛය ප්‍රකාරව මෙම නඩු විභාග කල් දමා තිබිණ.

    ඉන් අනතුරුව මෙම නඩු විභාග කිරීම සඳහා මේ මස 20 වැනිදා කැදවන ලෙස අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබේ.

    2016 වසරේ මාර්තු මස 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් බිලියන 15ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබිණ.

    Latest News