ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජූලි 06, 2021

    පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අද (06) ලිඛිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත දැනුම් දුන්නේය.

    ඒ අනූව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දීමට පියවර ගනු ලැබීය.

    ජයන්ත කැටගොඩ මහතා වසර 2000දී පළමුව කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පසුව එම පාර්ලිමේන්තුව විසුරුවා හැර වසර 2001දී පැවති මැතිවරණයේදී ද පාර්ලිමේන්තුවට තේරී පත්විය.

    අනතුරුව ඔහුට 2011 වසරේදී ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමිවූ අතර ඉන් පසු වසර 2020දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය. එතුමා ඉල්ලා අස්වන තෙක් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයද දැරූ අතර 09 වැනි පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සහ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.

    Last modified on අඟහරුවාදා, 06 ජූලි 2021 11:54

    Latest News